හිතට නැගෙන කවි


 නුඹ

කවිකම් කරන්නට
සිතට උගන්වා නුඹ
එලිසමය ගැට ගසා
පදවැල් ගෙතූ ඔය සිනහව;
අඳුරු කතරට
සහන් එලියක්මැ වූ නුඹ
පිනි පොද වාගේම 
නිකැලැල් සුවය සෑදූ නුඹ
සහන් එලිය නිවා දමා
එලිසමය පටලවා
පදවැල් කුඩුකර දමා
මාගෙන් ඉවත් ව ගිය අපූරුව
තවත් සිතකට
කවිකම් කියාදෙන්නට



චිතකය

සුසුමක උණුහුම දැනෙන
කඳුලක සීතල විඳින
ලස්සන හීන පුරවාගත්තු
කාලයක් තිබුනා මා ලගත්
පිනිබිඳුවක් සෙමෙන් අතටගෙන
ඒ සිහිලස විදින්නට මිස
පිනිබිඳුව කඩා කුඩුපට්ටම් කරන්නට
සිතුවේ නෑ කිසිදිනක
අතපොවන මානයක 
ඇස ගැටෙනඉසව්වක
හිත කෑ ගහන යාමයක
නුඹමයි හිටියේ තනියට
හිත මුර ගෑවත් නුබේ නමට
හදවත සැලුනත් නුඹෙ නමට
කීරි ගැහෙන සිතුවිලි මැද
මුල මැද අග නුඹ නිසාම
හිතමුල්ලක තැන්පත් කර 
සැදූ අපේ පෙම් චිතකය
ගිනිගන්නවා නොදැනීම
දුමක්වත් පිට නොකර
නිවාලන්නට ඒ ගින්න
කොයින්ද මට සිහිල් දිය
මල්පැන් පොදක් ගෙන
ඉන්නෙමි ඔහෙ හුදකලාවම....

No comments:

Post a Comment